කටුනායක ගුවන් තොටුපොලේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කටාර් රියාල් හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එරට සිට පැමිණෙන ශී‍්‍ර ලාංකික ශ්‍රමිකයින් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.
මේ හේතුවෙන් එහි සිට පැමිණි ඇතමුන්ට සිය ගම්බිම් බලා යාමටද නොහැකි වී ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.
මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව කටුනායක ගුවන්තොටුපොල කළමණාකරු එච් එස් හෙට්ටිආරච්චි පැවසුවා.
කටුනායක ගුවන් තොටුපොලේ උද්ගතව ඇති මෙම ගැටලුකාරි තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් ශී‍්‍ර ලංකා මහ බැංකුවෙන්ද විමසීමක් කළා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ශී‍්‍ර ලංකා මහ බැංකුව කටාර් රියාල් භාර නොගන්නා ලෙසට අදාළ බැංකුවලට කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
ඒ පිළිබද පළවන වාර්තා අසත්‍ය බවද ඔහු සඳහන් කළා. අද දිනයේද කටාර් රාජ්‍යයේ සිට ගුවන් යානා කිහිපයක් කටුනායකට පැමිණීමට නියමිතව තිබෙනවා.