Saturday, July 27, 2024

General line - 0115112241

නාමල්ගේ ඇඟිලි සළකුණු ගන්න නියෝග කරයි




පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂගේ ඇඟිලි සළකුණු ලබා ගන්නැයි කොළඹ මහාධිකරණය අද (06) පොලීසියට නියෝග කළා.

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම නියෝගය නිකුත් කළේ රුපියල් මිලියන 30 ක මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළවයි.

මෙම නඩුව සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා ඇතුළු තිදෙනෙකු කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ඇපමත මුදාහැර තිබුණා.

කෙසේවෙතත් මහාධිකරණයෙන් ලැබුණු සිතාසියකට අනුව ඔවුන් අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ පෙර ඇප කොන්දේසි මත මොවුන් මුදාහරින බවයි.