Saturday, July 27, 2024

General line - 0115112241

වංචා දූෂණ ඔප්පු වුනොත් උතුරු සභාවටත් වැඩ වරදියි




උතුරු පළාත් අමාත්‍යවරුන්ට එල්ල වී ඇති දූෂණ හා වංචා චෝදනා ඔප්පු වුවහොත් ඔවුන් එම ධුරවලින් ඉවත් කළයුතු බව උතුරු පළාත් සභා මන්තී‍්‍ර ජී.ටී. ලිංගනාදන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ චෝදනා ඔප්පු වුහහොත් උතුරේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට මෙන්ම ඔවුන්ට පළාත් අමාත්‍ය ධුර දැරීමේ කිසිඳු අයිතියක්ද නොමැති බවයි.

පළාත් අමාත්‍යවරුන් වෙත එල්ල වූ දූෂණ හා වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ වාර්තාව පළාත් සභාව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.