Wednesday, May 1, 2024

General line - 0115112241

රවීට ලොතරැයි මණ්ඩල දීම ගැන ආණ්ඩුවෙන්ම විවේචන




අමාත්‍ය රවී කරුණානායකට ගෞරව කිරීමක් වශයෙන් මුදල් අමාත්‍යංශය යටතේ පැවති ආයතන කිහිපයක් විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පවරා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ අදාළ ආයතන රවී කරුණානායක අමාත්‍යවරයා විසින් යහපත් පරිපාලනයක් යටතේ පවත්වාගෙන ගිය බවයි.

ඉකුත්දා සිදු කෙරුණු කැබිනට් සංශෝධනයට අදාළ විෂය පථයන් පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (10) නිකුක් කෙරුණා.

මීට පෙර මුදල් අමාත්‍යංශය යටතේ තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මෙම අදහස් පළ කළා. 

කෙසේ වෙතත් මීට පෙර මුදල් අමාත්‍යංශය යටතේ පැවති ආයතන කිහිපයක් නව සංශෝධනය මගින් විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීම විහිළුවක් බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ඔහු ප‍්‍රකාශ කළේ ජනතාව මෙන්ම තමන් ද ඒ පිළිබඳ විවේචන ඉදිරිපත් කරන බවයි. 

මේ අතර මහපොළ භාරකාර අරමුදල ද විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.