Wednesday, May 1, 2024

General line - 0115112241

පිළියන්දල ප්‍රහාරයට යතුරුපැදිය මිලදී ගත් සැකකරුවත් අල්ලයි




පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු කැකිරාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදිය මිලදී ගැනීම, මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබා දීම ආදී චෝදනා යටතේ මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 49 ක් වන රඹුක්කන ප්‍රදේශයේ පංදිංචිකරුවෙකු වන අතර ඔහු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවටයි මේ වන විට සැක පළ කරන්නේ.

ඉකුත් මැයි මස 09 වැනිදා පිළියන්දලදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා සිදු කර තිබූ මෙම ප්‍රහාරයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු සහ මාර්ගයේ සිටි කුඩා දැරියක ඝාතනයට ලක් වුණා.

සිද්ධියෙන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය දිගින් දිගටම පරීක්ෂණ සිදු කරනවා.