Wednesday, May 1, 2024

General line - 0115112241

නුගේගොඩ කඩ කිහිපයකට ගිනි තැබූ ප්‍රධාන සැකකරු බොදුබලේ ලු




නුගේගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ඉකුත්දා එල්ල වූ ගිනි තැබීම් සහ ප‍්‍රහාරයන්ට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු බව පොලිසිය පවසනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ මේ වනවිට ඔහුගෙන් ප‍්‍රශ්න කරමින් සිටින බවයි.

2004 වසරේ සිට මෙම පුද්ගලයා බොදු බල සේනා සංවිධානය සමග එක්ව ක‍්‍රියාකාරී ලෙස එම සංවිධානයේ කටයුතුවලට දායකත්වය ලබා දී තිබෙනවා.

එම සංවිධානය විසින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවත්වන ලද උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලිවලට ද මෙම පුද්ගලයා සක‍්‍රිය ලෙස දායක වී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

මේ අතර බුදු දහමට අපහාසවන අයුරින් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ විවිධ ප‍්‍රචාර සිදු කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.