Friday, September 20, 2024

General line - 0115112241

කොළඹ මාර්ග කිහිපයක හෙට සිට යළිත් මන්තීරු නීතිය ක්‍රියාත්මකයි 




කොළඹ මාර්ග කිහිපයක හෙට (11) සිට මන්තීරු නීතිය යළි ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. 

කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ රිය අනතුරු පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි. 

මීට පෙර අවස්ථා කිහිපයකදී ද කොළඹ මාර්ග ආශ‍්‍රිතව මන්තීරු නීතිය ක‍්‍රියාත්මක කෙරුණා.