Monday, May 6, 2024

General line - 0115112241

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුද්ධ ප‍්‍රතිමාවක් සඟවා ගෙන සිටි අයෙක් අත්අඩංගුවට 




පුරාවිද්‍යා වටිනාකමින් යුත් අඩියක් පමණ උස රන් ආලේපිත ලෝහමය බුද්ධ ප‍්‍රතිමාවක් නිවසක සඟවා ගෙන සිටි පුද්ගලයෙකු තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

මුලික පරීක්ෂනවල දී අනාවරණ වී ඇත්තේ සැකකරු මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු බවයි. 

ඔහු ඉතා රහසිගතව තලාතුඔය කිරිමැටියාව ප‍්‍රදේශයේ නිවසක මෙම බුද්ධ ප‍්‍රතිමාව සඟවාගෙන සිට තිබෙනවා. 

එය රුපියල් ලක්ෂ 70කට අධික මුදලකට අලෙවි කිරීමටයි උත්සහ දරා ඇත්තේ. 

පොලිසියට ලද තොරතුරකට අනුව 59 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනා.