Monday, May 6, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු රිමාන්ඞ්




අපරික්ෂාකාරී ලෙස කැබ් රථයක් පදවා අනුරාධපුර ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ, ඔහු අනුරාධපුර වැඩබලන මහේස්ත‍්‍රාත් නදී ආකාශ් කුරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයට අනුයුක්තව සේවය කරන රියදුරෙක්. 

අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. 

ඉකුත් 08 වනදා සිදු වූ මෙම රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුයේ පොසොන් රාජකාරී නිමවා යළි නිවස බලා යමින් සිටි අනුරාධපුර පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුයි.