Monday, May 6, 2024

General line - 0115112241

අමෙරිකානු නෞකාවක් කොළඹ වරායට (PHOTOS)




අමෙරිකානු නාවික හමුදාවට අයත් ලේක් ඊරි යුද නෞකාව අද (11) කොළඹ වරායට පැමිණියා. 

ඒ, පශ්චාත් සහන මෙහෙයුම් සඳහායි. නෞකාව දින 14ක් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති. 

අදාළ කාලය තුළ ශ‍්‍රී ලංකා නාවික හමුදාව සංවිධාන කරන වැඩසටහන් රැසකට එක්වීමට ද නියමිතයි. 

පුහුණු වැඩසටහන් හා හදිසි ආපදා තත්වයක දී ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩසටහන් ද ඊට ඇතුළත්. 

නෞකාව ජූනි 25 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.