Monday, May 6, 2024

General line - 0115112241

ඇමති රවීට එරෙහිව තවත් විශ්වාස භංගයක්




විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව යළි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සාකච්ඡා කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මීට පෙර රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවක් ද තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ඇති බවයි. 

කැබිනට් සංශෝධනයෙන් පසු අමාත්‍යංශවල විෂය පථයන් ගැසට් කිරීම ගැටළුකාරී තත්වයක් බවට පත්ව ඇති බවයි බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළා.