Monday, May 6, 2024

General line - 0115112241

මාස 02ට සංහිඳියාව කැඩෙන සිද්ධීන් 16ක් - අන්තවාදීන් අත්අඩංගුවට ගන්න අඛණ්ඩ මෙහෙයුම්




ආගම් සහ ජාතීන් අතර සංහිඳියාව කඩවන අයුරින් කටයුතු කරන අන්තවාදී පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මෙම අදහස් පල කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අප්‍රෙල් මාසයේ සිටි මේ දක්වා ප්‍රධාන සිද්ධින් 16ක් පොලිසිය විමර්ශනය කරමින් පවතිනවා. 

බොදුබල සේනා සංවිධානයට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරුණා. 

නුගේගොඩ විඡේරාම හා අවට ස්ථාන හතරක ගිනි තැබීම් සිදු වුණා. ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.  වයස අවුරුදු 32 වයසැති අයෙක් මෙම සිද්ධින් හතරටම සම්බන්ධ බව විමර්ශනයේ දී හොළි වුණා. 2014 වසරේ බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බව හොළි වී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය අද පස්වරුවේ සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කළා. 

එහි සාමාජික ඩිලන්ත විතානගේ පැවසුවේ බොදුබල සේනා සංවිධානය කිසිදු අන්තවාදී ක‍්‍රියාවකට සම්බන්ධ නොමැති බවයි. 

ඇති වී තිබෙන ගැටළුකාරී තත්වය අවම කිරීම සඳහා ඉකුත් සමයේ බොදුබල සේනා සංවිධානය දිගින් දිගටම කටයුතු කළ බවයි ඔහු කියා සිටියේ. 

යම් යම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මෙම ගැටළුවට විසඳුමක් නොලැබෙන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.