Friday, September 20, 2024

General line - 0115112241

ඉරානයෙන් කටාර් රාජ්‍යයට ආහාර රැගත් ගුවන් යාන 05ක්




කටාර් රාජ්‍යයට ආහාර ආධාර ලබාදීමට ඉරානය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ටොන් 450ක ආහාර රැගත් ඉරාන ගුවන් යාන 05ක් කටාර් රාජ්‍යයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ආහාර ටොන් 350ක් රැගත් තවත් නෞකා 03ක් පිටත් කර හැරීමට ද ඉරානය සූදානමින් පසු වනවා. 

කටාර් රාජ්‍යයට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍යවලින් සියයට 40ක් ප‍්‍රවාහනය කරනු ලබන්නේ සෞදි අරාබිය හරහායි. 

එහෙත් සෞදි අරාබිය එම මාර්ග අවහිර කිරීමත් සමඟයි ඉරානය මෙම පියවර ගෙන ඇත්තේ. 

සෞදිය ප‍්‍රමුඛ රටවල් 05ක් ඉකුත් දා කටාර් රාජ්‍ය සමඟ සබඳතා අත්හැර දැමුවා. ඒ, ඔවුන් ත‍්‍රස්තවාදයට සහය දෙන බව පවසමින්.