Friday, September 20, 2024

General line - 0115112241

වසරින් වසර බස් ගාස්තු වැඩි වන්නේ ආණ්ඩුවේ වරදින් - ගැමුණු විජේරත්න




වැඩි වන උද්ධමනයට අනුව බස් ගාස්තු ඉහළ නැංවීම අනිවාරයෙන් සිදු කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති ගැමුණු විජේරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. 

මේ අතර ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ ද ලබන ජූලි මස පළමු වනදා සිට බස් ගාස්තු ඉහළ යනු ඇති බව ප‍්‍රකාශ කළා. 

කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.