Friday, September 20, 2024

General line - 0115112241

තැපැලේ විසි එක් දහසක් දින දෙකක වැඩවර්ජනයක




අද මධ්‍යම රාත‍්‍රීයේ සිට දෙදින වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තැපැල් සේවකයින් සූදානම් වනවා.

ඒ, ප‍්‍රදේශ කිහිපයක පවත්වාගෙන යන තැපැල් කාර්යාල ගොඩනැගිලි, සංචාර හෝටල් ආරම්භ කිරීම සඳහා ලබා දීමේ සූදානමට එරෙහිවයි. 

මෙය ඉතා බරපතල තත්ත්වයක් බවයි වැඩවර්ජනය කැදවන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පෙන්වා දුන්නේ. 

වැඩ වර්ජනය සඳහා විසි එක්දහසකට අධික තැපැල් සේවකයින් සම්බන්ධ වන බවයි ඔහු කියා සිටියේ. 

කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට නිසි විසදුමක් ලබා දෙන්නැයි ඉල්ලා කොලඹ මධ්‍ය තැපැල් හුවමාරුව අසලදී අද දහවල් විරෝධතාවක් සංවිධාන කර ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ කියා සිටියේ.