Thursday, May 2, 2024

General line - 0115112241

පෙරහැරක් අතරතුර ඇතින්නක් පහරදීමකින් හිමිනමක් අපවත්වෙයි




කටාන ප්‍රදේශයේ පැවති පෙරහැරක් අතරතුර ඇතින්නක් හදිසියේ කලබල වී සිදු කළ පහරදීමකින් හිමිනමක් අපවත්වීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් ඇතින්න භාරව සිටි පුද්ගලයාගෙන් හා අනතුරෙන් හිමිනම බේරා ගැනීමට උත්සහ දැරූ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලිසිය පැවසුවේ. 

ඊයේ රාත්‍රීයේ එම අනතුර සිදුවූයේ කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන මිහිදු පෙරහැර වීදි සංචාරය කරමින් තිබූ අවස්ථාවේදියි. 

පහර දීම සිදු කර ඇත්තේ පෙරහැරේ ගමන් ගත් තුන්වන ඇතින්නයි. 

පහරකෑමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කළ හිමිනම අද අලූයම අපවත් වුණා. 

විසි පස් හැවිරිදි උන්වහන්සේ කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරී හිමිනමක්. 

අනුරාධපුර එප්පාවල මූලික පිරිවෙනේ ගුරුවරයෙකු ලෙස ද උන්වහන්සේ කටයුතු කරමින් සිටියා.