Thursday, May 2, 2024

General line - 0115112241

සංහිදියාව කඩන්නේ දකුණ විතරද - ආණ්ඩුවට ප්‍රශ්නයක්




සංහිදියාවට බාධා එල්ලවන සිදුවීම් සිදු වන්නේ දකුණේ පමණක් දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. 

ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරන්නේ අන්තවාදී ප්‍රකාශ සිදු කරන උතුරේ දේශපලඥයින්ට එරෙහිව පියවර නොගන්නේ මන්ද යන්න පිළිබඳවයි. 

උතුරේ සිදුවන එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඩ පිළිවෙතක සිටින බවයි ඔහු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් පොලිසියෙන් විමසා සිටියා. 

එහිදී අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා අන්තවාදී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. 

එවැනි සිද්ධීන්ට සම්බන්ධ පිරිස් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු කියා සිටියා.