Friday, September 20, 2024

General line - 0115112241

අතුරුදන්වූවන්ගේ ඥාතීන් ජනපති හමුවෙයි (PHOTOS)




යුධ සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ජාවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. 

ජනාධිපතිවරයා යාපනය ප්‍රදේශයේ සිදු කළ සංචාරය අතරතුර මෙම සාකච්ඡාව පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

එහිදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළා

සිය ඥාතීන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ද භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු 

ජනාධිපතිවරයා එම සංදේශය භාර ගැනීමෙන් අනතුරුව අදාළ ගැටළු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ජා කර විසදුමක් ලබාදෙන බවට පොරොන්දු  වී තිබෙනවා.