Saturday, December 28, 2024

General line - 0115112241

මාස 06ක් තුළ ලක්ෂ 06ක් ඒඩ්ස් පරීක්ෂා කර ගනියි




ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් මෙම වසරේ ගත වූ කාලය තුළ පරීක්ෂා කිරීම් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් සිදු කර ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරය පවසනවා. 

එහි අධ්‍යක‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසන්නේ වසර අවසන් වීමට පෙර එවැනි පරීක්ෂා කිරීම් ලක්ෂ 12ක් පමණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. 

එච් අයි වී රෝග කාරකය වැළඳී  ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා යොමුවන පිරිසගේ වර්ධනයක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ඒඩ්ස් රෝග මර්දනය සඳහා මෙවැනි යොමුවීම් මනා පිටුවහලක් බවද වෛද්‍ය සිසිර ලියනගේ පෙන්වා දෙනවා.