Friday, September 20, 2024

General line - 0115112241

හෙට සිට වැසි වැඩිවෙයි 




හෙට දිනයේ දී දැනට පවතින වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක‍ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ දින කිහිපයක් එම තත්වය පැවතිය හැකි බවයි. 

මේ අතර අද දිනයේ සබරගමුව සහ මාධ්‍යම පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පැවසුවා. 

අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීරගෙන්.