Friday, September 20, 2024

General line - 0115112241

අග්බෝපුර දී ලොරියක හැපී අලි පැටවෙකු මරුට (PHOTO)




ත්‍රීකුණාමලය - හබරණ ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර 84 ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටී අලි පැටවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලි පැටවා අනතුරට පත්වූ ස්ථානය අලිමංකඩක් බැවින් අනතුරු ඇඟවීම් පුවරු ද සවි කර ඇති බවයි. 

අනතුරෙන් පසු ලොරි රථය පලා ගොස් ඇති අතර එහි රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව පොලිසියේ සහ යුද හමුදාවේ සහය ද ඉල්ලා තිබෙනවා.