Saturday, May 4, 2024

General line - 0115112241

හබරණ මාරක රිය අනතුරක්




හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස්කොටුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 

කන්තලේ සිට හබරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් ගසක ගැටි මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අනතුරෙන් තුවාල ලැබූ රියදුරා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ලොරි රථයේ සහයක දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.