Thursday, May 16, 2024

General line - 0115112241

උතුරු පළාත් සභාව දෙදරා යන ලකුණු




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම පිටුපස ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයින් සිටින බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පවසනවා.

ඔහු සඳහන් කළේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයින් නායකත්වය දරණ දෙමළ ජාතික සන්ධානය හරහා දෙමළ ජනතාවගේ ගැටළු සඳහා විසදුමක් නොලැබෙන බවට පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඉකුත් සමයේ චෝදනා කළ බවයි.

ඒ අනුව ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් දෙමළ මහජන සභාවක් ද පිහිටවූ අතර ඊට උරණ වෙමින් අදාළ මන්ත‍්‍රීවරුන් ප‍්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කරන බව සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් හා ඉලංගෙයි තමිල් අරසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මෙම කුමන්ත‍්‍රණය පිටුපස ප‍්‍රභලව සිටින බවයි. 

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා, එම පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් විසින් ඊයේ (14) රාත‍්‍රියේ පළාත් ආණ්ඩුකාරවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් භාරදෙනු ලැබුවා. මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශ්වාසභංග යෝජනාව භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.