Monday, May 6, 2024

General line - 0115112241

එරාවුර්හි යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට




එරාවුර් - කලූවන්කේන්ති මාර්ගයේ දේවපුරම් ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලී බෝක්කුවක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. 

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි විසි හැවිරිදි පුද්ගලයෙක්.