Sunday, September 22, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන්ගේ වික්‍රමයෙන් නිලාවේලි මුහුදේදී සිව් දෙනෙකුගේ දිවි බේරෙයි




දියවැලකට හසුව ගසාගෙන යමින් සිටි සිව් දෙනෙකු පොලිස් නිලධාරින් විසින් බේරා ගැනිමේ පුවතක් නිලාවේලි මුහුදු තීරයෙන් වාර්තා වනවා. 

මෙම අනතුරට මුහුණපෑවේ ත්‍රිකුණාමලයේ සිට විනෝද චාරිකාවක් සදහා පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක්. 

ඔවුන් වයස අවුරුදු 21 ත් 28 ත් අතර පසුවන්නන් බවද පොලීසිය සදහන් කළා. 

මෙම පිරිස පොලිස් ජීවිතාරක‍ෂක නිලධාරීන්, වෙරළාරක්ෂක නිලධාරීන්ගේද සහාය ඇතිව බේරා ගැනුණා.