Sunday, September 22, 2024

General line - 0115112241

ජනපතිවරණයේ අනුර ඉදිරියෙන්




මේ දක්වා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් පසු වනවා.

 ඒ, දිස්ත්‍රික්ක 18ක් ජයග්‍රහණය කරමින්. දකුණු පළාතේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ඉදිරියෙන් පසුවන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතායි.

ඔහු ගාල්ල දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද 20,096ක්, මාතර දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද 19,712ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද 14,482ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසු වනවා. 

ඊට අමතරව බලපිටිය සහ අම්බලන්ගොඩ ආසනවල ජය හිමිකරගෙන ඇත්තේ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතායි.

මාතර දිස්ත්‍රික්කයේ මාතර ආසනයේ ජය ද අනුර කුමාර දිසානායක මහතා හිමිකරගෙන තිබෙනවා.

ඒ, ඡන්ද 43,827ක් ලබා ගනිමින්. වැලිරැම ආසනයේ ඡන්ද 42,182ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරමුණේ පසුවනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ආසනයේ ජය හිමි වූයේ ද අනුර කුමාර දිසානායක මහතාටයි.

ඒ, ඔහු ඡන්ද 33,026ක් ලබා ගනිමින්. එමෙන්ම ඡන්ද 20,096ක් ලබා ගනිමින් බලපිටිය ආසනයේ ජය හිමිකර ගැනීමට ද අනුර කුමාර දිසානායක මහතා සමත් වුණා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 14,482ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරමුණේ පසු වනවා. 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 11,768ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා එම දිස්ත්‍රික්කය ද ජයගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තැපැල් ඡන්ද 5,480ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරමුණේ පසුවනවා. 

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ජයගනු ලැබුවේද අනුර කුමාර දිසානායක මහතායි.

ඒ, ඡන්ද 19,185ක් ලබා ගනිමින්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ජයගනු ලැබුවේද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතායි.

ඒ, ඡන්ද 18,946ක් ලබා ගනිමින්.

කෙසේවෙතත් යාපනය ආසනයේ ඡන්ද 7,080ක් ලබා ගනිමින් පෙරමුණේ පසුවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

යාපනය තැපැල් ඡන්දයෙන් ජයගනු ලැබුවේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ඒ, ඡන්ද 9,278ක් ලබා ගනිමින්. නල්ලූර් ආසනයේ ද ජය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වුණේ ඡන්ද 8,804ක් ලබා ගැනීම හේතුවෙන්.

මොණරාල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ද නිකුත් වී තිබෙනවා.        

ඒ අනුව ඡන්ද 14,050ක් ලබා ගනිමින් පෙරමුණේ පසුවන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතායි.

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ද අනුර කුමාර දිසානායක මහතා ජයගෙන තිබෙනවා.

ඒ, ඡන්ද 20,864 ලබා ගනිමින්.

මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 12,186ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා එම දිස්ත්‍රික්කයේ පෙරමුණේ පසුවනවා.

දිගාමජුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ජයගනු ලැබුවේද අනුර කුමාර දිසානායක මහතායි.

ඒ, ඡන්ද 11,120ක් ලබා ගනිමින්. කෙසේවෙතත් මඩකලපු දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ජයගනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු ලබාගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 5,967ක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32,750ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා පෙරමුණේ පසුවනවා.