Monday, April 29, 2024

General line - 0115112241

දරුවන් සිටින මව්වරුන්ටත් වැරදි ලේඛණ හැදූ ඒජන්සිවලට අත්වූ ඉරණම දන්නවාද ?




විදේශ රැකියා නියෝජිතායතන 67 ක් මේ වසරේ ගතවූ මාස හය තුළ අසාදු ලේඛන ගතකිරීමට  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම ආයතන විවිධ වංචා දුෂණවලට හවුල් වු බව ඔප්පු වූ බවයි වාර්තා වන්නේ. 

කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයථා  ක්‍රම මඟින් පුද්ගලයින් විදේශ ගත කිරීම, කාර්යාංශයේ සමථ අංශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විසඳීම සඳහා ප්‍රමාණවත් සහයක් නොදැක්වීම, ව්‍යාජ ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කිරීම, විදේශ ගත කිරීමට නියමිත පුද්ගලයින්ට මූල්‍ය වංචා කිරීම හා පිටරට රැකියා නියෝජිතායතන වෙතින් කොමිස් මුදල් ලබාගෙන ශ්‍රමිකයින් එරටට ලබා නොදීම වැනි කරුණු මත මෙම නියෝජිතායකන අසාදු ලේඛන ගත කර තිබෙනවා.

ඇතැම් ආයතන කුඩා දරුවන් සිටින මව්වරුන් පවා වැරදි ලේඛණ  උපයෝගි කරගනිමින් විදේශ ගතකිරිමට උත්සහ ගන්නා බවත් ඔවුන්ගේ වංචනික ක්‍රියා සඳහා දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත්,විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ ද පෙන්වා දෙනවා.

ඉකුත් වසරේ අසාදු ලේඛන ගත කරන ලද විදේශ රැකියා නියෝජිතායතන ප්‍රමාණය 61 ක්.