එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත සංවිධානයේ ලාංඡනය සහිත හිස් වැසුම් තොගයක් පාර්සලයක් මගින් විදේශීය රටකට යැවීමට උත්සහ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුධ හමුදා බුද්ධි අංශ නිළධාරියකු ලෙසට සේවය කළ සුබ්‍රමනියම් නගුලරාසා නොහොත් නගුලන් නැමැත්තා ඇතුළු තිදෙනකු එම නඩුවෙන් මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලන්සූරිය අද (12) නියෝග කළා.
නීතිපතිවරයා විසින් දෙන ලද උපදෙස් සලකා බැලීමේන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මෙම හිස් වැසුම් තොගය කුරියර් සේවාවක් මගින් වව්නියාවේ සිට කොළඹ හරහා විදේශ රටකට යැවීමට සූදානම් කර තිබියදී නාරාහේන්පිට දී පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබුණා.