Sunday, September 22, 2024

General line - 0115112241

රංගිරි දඹුලු ගැටළුවට ජනපතිත් මැදිහත් වෙයි




රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ මතුව ඇති ගැටළුව විසඳීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වී තිබෙනවා.

ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ සහ රංගිරි දඹුලු පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේ සමග ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වී ඇත්තේ. 

මේ අතර අරලියගහ මන්දිරයේ අද (12) පැවති විශේෂ සාකච්ඡාකදී ද මේ සම්බන්ධයෙන් කථා බහට ලක් වුණා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ වත්මන් සමාජ හා ආගමික ගැටළු පිළිබඳ තරුණ භික්ෂූන් වහන්සේගේ හා අග‍්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්.

කෙසේ වෙතත් නෙත් නිවුස් කළ විමසීමක දී රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමියන් පැවසුවේ විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු සඳහා ඉඩ ලබා දීමට සූදානම් බවයි. 

මේ අතර දඹුලූ ලෙන් විහාරය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතත් එය මෙතෙක් ක‍්‍රියාත්මක කර නොමැති බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද  කියා සිටියේ. විදෙස් සංචාරකයින් සඳහා ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමද, මෙතෙක් තීරණයක් පමණක් බවයි ඔහු සඳහන් කළේ.