Sunday, September 22, 2024

General line - 0115112241

"යහපාලන ආණ්ඩුවෙන් ඉස්සෙල්ලාම යන්නේ මම" - නියෝජ්‍ය ඇමතිවරයෙක් ජනපතිට කියයි




යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය අවසන් වූ වහාම තමා ආණ්ඩුවෙන් මෙන්ම තමා දරන ධුරයෙන් ද ඉවත් වන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර පවසනවා.

ඔහු කියා සිටියේ තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. 

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ජීප් රථයේ තිබී පිස්තෝලයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද දැඩි කථා බහක් මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකරගෙන් ප‍්‍රශ්න කළා. එහිදී ඔහු සඳහන් කළේ තමාට හිමි නිළ ගිනිඅවියවත් ලබාගෙන නැති බවයි. එම රථය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් අමාත්‍යාංශයට භාර දුන් බවත් එහිදී දින ගණනාවක් රථය තමන් සතුව නොතිබූ බවත් පෙන්වා දුන්නා. 

නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කට තරග වදිමින්.