Sunday, September 22, 2024

General line - 0115112241

"සංවර්ධිත රටවල් කරන වැරදීම කරන්න එපා " - ඇමති දයා කොරියාවේදී කියයි 




සූර්ය, සුළං සහ ජලවිදුලි වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වැඩි වශයෙන් භාවිතා කිරීමටත්, ඒ සඳහා වැඩි වශයෙන් ආයෝජන සිදු කිරීමටත් ලෝකය වහාම ක්‍රමානුකූලව කටයුතු කළයුතු බව අමාත්‍ය  ඇමති දයා ගමගේ පෙන්වා දෙනවා.

ඒ අතර හැකි උපරිම ලෙසින් ප්ලාස්ටික් හා ලෝහ වර්ග ප්‍රතිචක්‍රීකරණයට  භාජනය කිරීම සහ  කාබන්ඩයොක්සයිඞ් පිට කිරීම අවම කිරීම කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඇමතිවරයා ඒ බව පැවසූයේ, කොරියාවේදී පැවති ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ ස්ථාවර කමිටු රැස්වීම අමතමිනුයි.

ගෝලීය උණුසම ඉහළ යෑමට ප්‍රධාන  වශයෙන් සංවර්ධිත රටවල ක්‍රියාකාරකම්  හේතු වූවද ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් සිටින ආසියානු කලාපය ද එම රටවල් කළ වැරදිම සිදු නොකර, පරිසරයට ඇති කරන බලපෑම අවම කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නා.

කාලගුණ වෙනස් වීම් හේතුවෙන් සමස්ත ලෝකයටම දුර්විපාක අත්විඳීමට සිදුව ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා, ශ්‍රී  ලංකාව ද දරුණු වැසි හේතුවෙන් සති හයකට පෙර දැඩි පීඩාවට ලක් වූ බව සිහිපත් කර සිටියා.

එමෙන්ම, පසුගිය රජයේ දුර්වල සැලසුම් සහ නීති හේතුවෙන් ගංවතුර තත්ත්වය උග්‍රවූ  බවයි  ඔහු කියා සිටියේ.