Sunday, September 22, 2024

General line - 0115112241

උමා ඔය ජීවිත 03ක් බිලි ගනී




උමාඔයේ දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත් වී තිබෙනවා. මොවුන් අද දහවල් වැලිමඩ මහා විද්‍යාලය අසලින් ගලා බසින උමාඔයේ දියනෑමට ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ මව, පුතා සහ මිත්තණියයි.

මියගිය කාන්තාව තිස්දෙහැවිරිදි වියේ පසුවූ අතර  ඇගේ මවගේ වයස අවුරුදු 81ක්.  මියගිය පුත‍්‍රයාගේ වයස අවුරුදු දෙක හමාරක් බවයි පොලීසිය පැවසුවේ.