Sunday, September 22, 2024

General line - 0115112241

රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් බ්‍රිගේඩියර් ඇතුළු තිදෙනා යලි රිමාන්ඞ්




රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි යුද හමුදාවේ හිටපු බි‍්‍රගේඩියර්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයින් සිව් දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන් ලබන 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි ගම්පහ මහේස්ත‍්‍රාත් ඞී ඒ රුවන් පතිරණ නියෝග කළේ.

පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ රතුපස්වල ජනතාව වැලිවේරියේ දී සිදු කළ උද්ඝෝෂණයට වෙඩි තබා පහර දී තිදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් පිරිසක් ඝාතනයට තැත් කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.