Friday, May 10, 2024

General line - 0115112241

සංගා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලංකාව අමතයි - විමර්ශන කළයුතු කරුණු දෙකක් පෙන්වයි




චාර්ලි ඔස්ටින් පිළිබදව එල්ලවන චෝදනා පිළිබදව විමර්ශනයක් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා. ඔහු සදහන් කළේ ඒ පිළිබඳව අවශ්‍යනම් තමන්ගෙන් වුවද ප්‍රශ්ණ කළ හැකි බවයි ස්කයිප් තාක්ෂණ ඔස්සේ මාධ්‍ය අමතමින් සංගක්කාර කොළඹදී අද (12) පැවසුවේ.

පකිස්තානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරය පිළිබදවද විමර්ශන කළ යුතු බවයි සංගක්කාර ප්‍රකාශ කරන්නේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව එම අවස්තාවේදී අවදානය යොමු කළේද යන්න පිළිබදව සොයා බැලිය යුතු බව සංගක්කාර පවසනවා.

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්,නිරෝෂන් දික්වැල්ල,උපුල් තරංග,දිනේෂ් චන්දිමාල්,අසේල ගුණරත්න,දිල්රුවන් පෙරේරා,සීක්කුගේ ප්‍රසන්න,සුරංග ලක්මාල්,ලසිත් මාලිංගසහ නුවන් කුලසේකරගේ කළමණාකරු වන්නේ  චාලි ඔස්ටින්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම පරාජයන්ට චාලි ඔස්ටින් හෝ තමන් වගකිව යුතු බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඒවා තමන්ගේ කීර්ති නාමය හානි කිරීමට කරන ඒවා බවත් ප්‍රකාශ කෙරුනා