Sunday, September 22, 2024

General line - 0115112241

දූෂණ මර්දන කාර්යාලය වහන්න හදන හේතුව මෙන්න!




ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව පවතින චෝදනා විමර්ශනය කිරීම වැළැක්වීමේ අරමුණින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අහෝසි කිරීමට රජය සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් වැඩිදුරටත් පැවසුවේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වැඩකට නැති බව හුවා දැක්වීම ආණ්ඩුව හිතාමතාම කරන්නක් බවයි. වර්තමානයේ ඉන්න ඇමතිවරුන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙනකොට, වැරදිවලට දඬුවම් දෙන්න හදනකොට, මේ ආයතනය වැඩක් නැහැ කියල මතයක් හදල වහල දාන්න හදනවා යැයිද ඔහු පැවසුවා.

වංචා දූෂණ හෙළිකරන බවට පොරොන්දු ලබාදී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අද ජනතාව මුලා කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.