Sunday, September 22, 2024

General line - 0115112241

කිසිවක් එපා කියා 'පළමු හදවත් බද්ධයට දරුවාගේ හදවත ලබාදුන් දෙමව්පියන්ට' ජනපති දැක්වූ කරුණාව 




ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කමට  තම දරුවාගේ හදවත ලබාදුන් දෙමව්පියන්ට ඔවුන් දැනට පදිංචිව  සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා තීරණය කර තිබෙනවා.

අනුරාධපුරයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකට මෙම හදවත් බද්ධය සිදු කරනු ලැබුවා.

රිය අනතුරිකින් මියගිය උඩුනුවර හෙක්ටයාර් ජනපදයේ පදිංචි 22 හැවිරිදි ප්‍රදීප් කුමාර සම්පත්ගේ වකුගඩු දෙකද තවත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර තිබෙනවා.

මියගිය සම්පත්ගේ පියා සඳහන් කළේ ජනාධිපතිවරයා තමන්ට නිවසක් ලබාදීමට තීරණය කර ඇති  බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා  දැනුම් දුන් බවයි.

"දරුවාගේ ජීවිතය නැති වුණායින් පස්සේ ඒ  අවයව වලින් කාට හරි ජීවත් වෙන්න පුළුවන් කියන දේ පමණයි අපි හිතුවේ.වෙනත් කිසිම දෙයක් අපිට අවශ්‍ය නෑ.අධ්‍යක්ෂ තුමා  අපිට රෝහලට එන්න කියලා රජයෙන් යමක් කරන්න සූදානම් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුව. අපි ඉන්නේ පුංචි ගේක, පුළුවන් නම් ගේ හදලා දෙන්න කියලා කිව්වා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා අපිට ගෙයක් හදලා දෙන්න පොරොන්දු වුණා කියලා අධ්‍යක්ෂ තුමා පැවසුවා" යනුවෙන් ඔහු සඳහන් කර සිටියා.



මියගිය ප්‍රදීප් කුමාර සම්පත්