Sunday, September 22, 2024

General line - 0115112241

ෆාමසිවල වෙළඳාම පහළ ගිහින්! සුව ඇමති හේතුව හෙළිකරයි!




ඖෂධ හිගයකින් තොරව රජයේ රෝහල්වලට සැපයීම හේතුවෙන් ඖෂධ අළෙවි සැල්වල අළෙවි අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ප‍්‍රකාශ කළේ රෝගීන්ට අවශ්‍ය සියලූ බෙහෙත් වර්ග රෝහල්වලින් ලබාගත හැකිවීම ඊට හේතුව බවයි.

"ඔසු සලෙන් ඖෂධ ලබාගන්න තියෙනව අඩු මිලට. ලෝහල්වලත් ඖෂධ හිඟයක් නැහැ. රුධිර පරීක්ෂණ පිටට යවන එක මම තහනම් කළා. මම බිලියන 2ක්, මිලියන 2000ක් වියදම් කළා ඔටෝ ඇනලයිසර් ලබාදෙන්න. මොද වුණේ අපේ පරීක්ෂණ ප්‍රමාණය 50%කින් වැඩි වුණා. අද ඩෙංගු එද්දි මේ ටික මම කරල නොතිබ්බනම් මීට වඩා දෙගුණයක්වත් මරණ සිදු වෙනව. " යැයිද අමාත්‍යවරයා එහිදී පැවසුවා.