Sunday, September 22, 2024

General line - 0115112241

අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව මහනායක හිමිවරුන්ගෙන් තවත් තීරණයක් - ඇහෙන කතා ගැන දකින්න යයි




උතුර සහ නැගෙනහිර යන පළාත්වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව මහනායක හිමිවරුන් තීරණය කර තිබෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ශ‍්‍රාස්ත‍්‍රපති ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ පිරිසක් එක්ව මෙම ප‍්‍රදේශවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවයි.

වනාන්තර විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම මෙහි ප‍්‍රධාන අරමුණ බව ද උන්වහන්සේ අවධාරණය කළා.

රජයේ දැනුවත් කිරීම මත මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරන්නට තීරණය කළ බවත් මේ හරහා චෝදනා නැගෙන කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත හැකි බවත් සඳහන් කෙරුණා.