Sunday, September 22, 2024

General line - 0115112241

අරමුණු රැසක් සමග ජනපති අද බංග්ලාදේශයට යයි




තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13) බංග්ලාදේශය බලා පිටත්ව යනවා. ජනාධිපතිවරයා එරට නිල සංචාරයක නිරත වන්නේ බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනාගේ ආරාධනයකට අනුවයි.

මෙම නිල සංචාරයේදී ජනාධිපතිවරයා බංග්ලාදේශ අගමැතිවරිය සහ එරට විදේශ අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා සමගද සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ කථානායකවරයා මෙන්ම විපක්‍ෂ නායිකාව සමගද ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන, සංචාරක, ධීවර, නාවික හා සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රවලට අදාළ ගිවිසුම් කිහිපයකටද දෙරටේ නායකයින් මෙහිදී අත්සන් තැබීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාව හා බංග්ලාදේශය අතර වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 142 ක පමණ පිරිවැටුමක් පවතිනවා. මෙම වෙළද කටයුතු තවදුරටත් වැඩිදියුණු කර ගැනීම ජනාධිපතිවරයාගේ බංග්ලාදේශ නිල සංචාරයේ තවත් අරමුණක්.