Sunday, September 22, 2024

General line - 0115112241

"GRADE5" සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙයි




පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරු දැරියන්ගේ විෂය දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන සහ පරිගණක වෙනුවෙන් සකස් කෙරුණු GRADE5 යෙදවුම සදහා මේ දක්වා දස දහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයකින් ගූගල් ප්ලේස්ටෝ මගින් මෙම ජංගම දුරකතන යෙදවුම භාගත කර ගත හැකියි.

සාමාන්‍ය පරිගණකයකින් grade5.lk හරහාද එය ලබාගත හැකියි. දරුවන්ට අපහසු විෂය කොටස් පිළිබඳ දැනුම පහසුවෙන් අවබෝධ කර ගැනීමට සහ ශිෂ්‍යත්ව විභාගයේ කාලකළමණාකරණයට මෙමගින් මහගු අත්වැලක් සපයනවා.

GRADE5 ශිෂ්‍යත්ව පරිගණක යෙදවුම භාවිත කළ දැරියන් කිහිප දෙනෙකු එම අත්දැකීම පිළිබඳ විස්තර කරමින් සඳහන් කළේ පරිගණකයක් හරහා අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමේදී කම්මැලිකමක් හෝ මහන්සියක් නොදැනෙන බවයි. මෙම ඇප් එක භාවිතා කිරීම ඉතා පහසුවීම නිසා ඉක්මණින් කරුණු අවබෝධ කර ගැනීමට හැකි බවද සඳහන් කෙරුණා.

මෙම ජංගම දුරකතන යෙදවුම මෙහෙයවනු ලබන්නේ නෙත් එෆ් එම් රේඩියෝවේ අනුබද්ධ ආයතනයක් වන Mysite IT Solutions පුද්ගලික සමාගම විසින්. ඊට තාක්‍ෂණික බල ගැන්වීම ලබාදෙන්නේ Crowderia පෞද්ගලික සමාගමයි.

GRADE5 ශිෂ්‍යත්ව පරිගණක යෙදවුම එළිදක්වා දින 26 ක් ඇතුළත එහි ලියාපදිංචි සංඛ්‍යාව දසදහස ඉක්මවීම පිළිබඳව එම සමාගමේ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක රොහාන් විජේසුන්දර අදහස් දැක්වමින් සඳහන් කළේ වර්තමානයේ දරුවන්ට මෙම ක්‍රමය මගින් දැනුම වර්ධනය කර ගැනීම වඩාත් ආකර්ෂණීය වී ඇති බවයි. ලංකාවේ ප්‍රථම වතාවට පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තුවෙන් සිටින දූදරුවන් වෙන්වෙන් මෙවැනි නිර්මාණයක් එළිදක්වා ඇති බවත් මේ තුළින් දැනුම වර්ධනය කර ගැනීම, කාල කළමනාකරණය, දුර්වල විශයන් ගැන අවබෝධය ලබා ගැනීම, නව තාක්ෂණයට හුරුවීම ආදී කරුණු රැසක් පිළිබඳව අවබෝධය ලබා ගත හැකි බවත් සඳහන් කෙරුණා. 

GRADE5 ශිෂ්‍යත්ව පරිගණක යෙදවුම ලියාපදිංචිය නොමිලේ සිදු වන අතර පළමු ඉලක්ක ප‍්‍රශ්න පත‍්‍රය නොමිලේ ලබාදෙනවා. සෙසු ප‍්‍රශ්න පත‍්‍ර පහසු මිලට ලබාගත හැකි අතර දෙමව්පියන්ට පහසු ක‍්‍රම රැසක් ඔස්සේ ප‍්‍රශ්න පත‍්‍ර මිළදී ගැනීමට මෙහි පහසුකම් සලසා තිබෙනවා.