Sunday, September 22, 2024

General line - 0115112241

අනුරපුර යුද හමුදා අවි ගබඩාවක් හොරු බිඳී - කිසිවෙකුට කඳවුරෙන් පිටවීම තහනම්




අනුරාධපුර කලත්තෑවේ පිහිටි ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකායේ අවි ගබඩාවේ තිබූ ගිනි අවි දෙකක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ එම කඳවුරේ නිලධාරියෙකු කළ පැමිණිල්ලකට අනුවයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ පොලිස් නිල සුනඛ අංශය ද මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

කඳවුරේ අණ දෙන නිලධාරියාගේ නියෝග මත එහි කිසිඳු සෙබළෙකුට හෝ නිලධාරියෙකුට කඳවුරෙන් පිටවීම තහනම් කර තිබෙනවා.

යුද හමුදා විනය ආරක්ෂක බලකාය ද සිද්ධිය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.

අවි ගබඩාවේ දොරගුළු කඩා කිසියම් පුද්ගලයෙකු මෙම ගිනි අවි දෙක පැහැර ගෙන ගොස් ඇති බවයි දැනට සිදු කර ඇති විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් ගිනි අවිවලට යොදන පතොරම් අතුරුදන් වී නැහැ. ඉකුත් 28 වැනි දා අවසන් වරට මෙම අවි ගබඩාවෙන් ගිනි අවි පිටතට ගෙන තිබෙනවා.