Friday, May 10, 2024

General line - 0115112241

ලක් මව දිනූ පදක්කම් යට සැඟවූ අජිත්ගේ වේදනාව (VIDEO)

කසුන් කැලුම්




පසුගියදා පැවැති ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව මෙවර කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

ඒ, රන් පදක්කමක් සහ රිදී පදක්කම් 04ක් දිනා ගනිමින්.

මෙහිදී ඉන්දියානු ක‍්‍රීඩා බලධාරීන්ගෙන් සිදු  වූ අසාධාරණකම් පිලිබඳව ද නෙත් ස්පෝර්ට්ස්මන් ඊයේ (12) කරුණු අනාවරණ කළා. අද අප ඔබට කියන්නේ ශ‍්‍රී ලංකාව දිනූ පදක්කම් පිටුපස සිටින සුවිශේෂී පුද්ගලයෙකු පිළිබඳවයි. 

මෙවර ආසියානු මළල කී‍්‍රඩා ශූරතා තරගාවලියට එක්ව සිටි ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සම්භාහන කටයුතු සඳහා නිලධාරීන් දෙදෙනෙකු එක්ව සිටියා.

අජිත් පි‍්‍රයන්ත කුමාරද ඉන් එක් අයෙක්. සිය ජීවිතයේ කිසිදා අපේක්ෂා නොකළ මොහොතක් ඔහුට තීරණාත්මක තීන්දුවකට එළඹීමට සිදුව තිබුණා.

ඒ මොහොතේදී අජිත් සිතුවේ මෙවර තරගාවලියේ ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ මානසිකත්වය ගැනයි.

ඒ අනුව මෙම තරගාවලියට සහභාගිවෙමින් සිටින අතරතුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්භාහන කටයුතු සිදු කළ අජිත් ප‍්‍රසන්නට සිය නිවසින් ඇමතුමක් ලැබෙන්නේ සිය පියා ජීවිතයෙන් සමුගත් බව දන්වමින්.

ඇසට කඳුලූ නැගුණද සිතට විරිය ගෙන ඔහු සිය පියාගේ අවසන් කටයුතු සඳහා සහභාගි නොවීමට තීරණය කරන්නේ ශී‍්‍ර ලංකාවේ පදක්කම් සිහිනය සැබෑ කිරීමේ අරමුණින්. එහිදී තමාගෙන් ඉටු විය යුතු වගකීම සුළු කොට නොතැකූ ඔහු සිය වේදනාව මද සිනහවකට යට කරන්නට නොගත් උත්සහයක් නැත. මෙවන් දිරිය පුතුන් අපට කිසිදා අමතක කරන්නට නොහැකියි. 

(වීඩියෝව පහතින් දැක්වෙයි)