Sunday, September 22, 2024

General line - 0115112241

ඔබ ඉන්නෙ කොරියාවේද.. දන්න අය කොරියාවේ ඉන්නවාද - ඒ අයට මේ පණිවුඩය දෙන්න




නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් දකුණු කොරියානු රජය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා.

මෙම කාල සීමාව ජූලි මස 10 වැනි දින ආරම්භ වූ අතර, එය ඔක්තෝම්බර් මස 10 වැනි දින දක්වා මාස 3ක කාලයක් වලංගු වනවා. 

ඒ අනුව එම කාලසීමාව ප‍්‍රයෝජනයට ගනිමින් නැවත දිවයිනට පැමිණෙන ශ‍්‍රමිකයින් සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් කොරියාවේ රැඳී සිටීම හේතුවෙන් ශ‍්‍රී ලංකාව තුළදී ගනු ලබන නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ගවලින්  නිදහස් කිරීමට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. 

2011 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා 1983 ක ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් පිරිසක් නීතිවිරෝධී අයුරින් කොරියාවේ රැඳීසිටින අතර, ඔවුන් සඳහා නීති මාර්ගයෙන් කටයුතු කර ලක්‍ෂ 20ක ඇප බැඳුම්කරය අයකර ගැනීමට කාර්යාංශය මේ වන විට කටයුතු කරමින් පවතිනවා. 

මේ සම්බන්ධයෙන් අදහස් පළකළ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන් කළේ, කොරියානු රජය මගින් ප‍්‍රකාශයට පත්කර ඇති මෙම පොදු සමා කාලය ප‍්‍රයෝජනයට ගෙන නීතිවිරෝධීව කොරියාවේ රැඳී සිටින ශ‍්‍රමිකයින්ට දිවයිනට පැමිණෙන ලෙසයි.

තමන්ගේ ඥාතීන් කොරියාවේ නීති විරෝධීව රැඳී සිටීනම් ඔවුන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරිය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.