Sunday, September 22, 2024

General line - 0115112241

උතුරු මැද යළිත් විශ්වාසභංගයක්




උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාලට එරෙහිව චෝදනා 08කින් සමන්විත සංශෝධිත විශ්වාසභංගයක් යළි ඉදිරිපත් කර තිබෙනවා.

ඒ එම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම විසින්.

අදාළ විශ්වාසභංග යෝජනාව ලබන 18 වැනි දා විවාදයට ගැනීමට නියමිතයි.

මීට පෙර ද එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම විසින් සභාපතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

එහෙත් එය විවාදයට ගැනීමට හෝ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට අවස්ථාව හිමි වූයේ නැහැ.