Sunday, September 22, 2024

General line - 0115112241

ඩෙංගු මදුරුවා මර්දනය කරන්න දහවල් කාලය ගොඩක් වටී




ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සුළු අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මාධ්‍යවේදීන් පිරිසක් සමග ඊයේ (12) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු විසින් ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා විශේෂ වාර්තාවක් සකස් කර තිබෙනවා.

ඒ අනුව සති 04ක් තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 05ක් දක්වා අවම කිරීමට අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග රැසක් එහි දක්වා ඇති බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

එම ක‍්‍රියාමාර්ග සෞඛය අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති අතර ඒ අනුව රෝහල් ගත වන රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.

ඩෙංගු මදුරුවා මර්දනය කිරීම දහවල් කාලයේ සිදු කළ යුතු බවයි පැවසෙන්නේ. උදේ කාලයේ සහ දහවල් කාලයේ මෙම මදුරුවා පරිසරයේ වැඩි වශයෙන් දකින්නට ලැබෙන නිසා අදාළ දූමායන කටයුතු මෙම කාලයේ සිදු කිරීම වඩාත් යෝග්‍ය බවයි හඳුනාගෙන ඇත්තේ.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පෙන්වා දෙන්නේ නිවාසවල නොපෙනෙන ස්ථානවලට ද ධූමායන කටයුතු සිදු කළ යුතු බවයි.