Monday, April 29, 2024

General line - 0115112241

උපුල් ජයසූරිය ඉවත් වෙයි




ආයෝජන මණ්ඩල සභාපති සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මෙතෙක් එම ධූරයේ කටයුතු කළා.

උපුල් ජයසූරිය මහතා 1978 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති අතර එම වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසම (වාර්තමාන ආයෝජන මණ්ඩලය) ආරම්භයේ දී එහි පළමු නීති උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.

1982 ශී‍්‍ර ලංකා ට‍්‍රැක්ටර් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. එමෙන්ම ඔහු තවත් සමාගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරු රැසක් හොබවනවා.