Monday, April 29, 2024

General line - 0115112241

සිසුන් ගැටෙයි! හාඩි වැසෙයි




සිසුන් අතර ඇතිවූ ගැටුමක් හා නොසන්සුන්තාවක් හේතුවෙන් අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය  දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. නේවාසික හා නේවාසික නොවන සිසුන් අතර ඇතිවූ ගැටුමක් දුරදිගයාමෙන් මෙම තත්ත්වය උදාවී තිබෙනවා.

 නේවාසිකාගාරවල සිටින දෙවන වසරේ සිසුන් පළමු වසර සිසුන්ට නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  දින දෙකකට ප්‍රථම  ගැටුමක් ඇතිවූ බවත්, එම ගැටුමෙන් සිසුන් පිරිසක් රෝහල්  ගත කර ඇති අතර තවත් පිරිසක් පොලීසිය විසින්  අත්අඩංගුවටද ගෙන තිබෙනවා.

එදින පටන් අද වනතුරු මෙම ආයතනයට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණද, අද (13) පස්වරුවේ නේවාසිකාර සිසුන් ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ කාර්යාලට වටලා කලහකාරී ලෙස හැසිරීම නිසා තත්ත්වය යළි උණුසුම් වුණා.

හාඩි උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආදම් බාවා බාරොන් පැවසුවේ  සිසුන්ගේ ආරක්ෂාව හා රාජ්‍ය දේපළ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකොට දින නියමයක් නොමැතිව ආයතනය වසා දැමීමට තීරණය කළ බවයි.