Monday, April 29, 2024

General line - 0115112241

නව දේශපාලන පක්ෂ 06ක් පිළිගනී




නව දේශපාලන පක්ෂ 06ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. එක්සත් ජාතික නිදහස් පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, ජාතික සමගි පෙරමුණ, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සහ ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය එලෙස ලියාපදිංචි කෙරුණු පක්ෂයි.

ඒ අනුව මෙරට පිළිගත් මුළු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව පක්ෂවල ලේකම්වරුන් සහ සලකුණු පහතින් බලන්න.