Sunday, September 22, 2024

General line - 0115112241

දුමින්ද බබෙක්! ජී.එල් පැටියෙක්! මහින්ද ගැන කියූ කතාවට ඩිලාන් පිළිතුරු දෙයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මැතිවරණවල දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් පසුගියදා පළ වූ අදහස් කිහිපයකට රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අද (13) ප‍්‍රතිචාර දැක්වූවා. 

ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි. හිටපු අමාත්‍ය ජී එල් පීරිස් සිදු කළ ප‍්‍රකාශයකට රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 


මේ අතර ඉදිරියේ දී මහින්ද රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන බවට පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සිදු කළ ප‍්‍රකාශය සිදු නොකළ යුත්තක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

"මහ ලේකම්තුමා එම ප්‍රකාශය නොකළ යුතුව තිබුණ. මහින්ද රාජපක්ෂ මහත්මය සම්බන්ධයෙන් එහෙම ප්‍රකාශයක් කරන්න මහ ලේකම්තුමා කවුද? මහින්ද රාජපක්ෂ මහත්මය එතුමාගේ පියත් මද දේශපාලනය කළ කොනෙක්. එහෙම බැලුවම මහ ලේකම් තුමා බබෙක්. ඒ කියපු කතාවට ප්‍රතිචාර දක්වපු ජී. එල් පීරිස් මැතිතුමා පැටියෙක්"