Sunday, September 22, 2024

General line - 0115112241

පීලි පැන්න දුම්රිය හදන්න ගිය දුම්රියත් එතනම පීලි පනී - පාර හදන්න සති දෙකක කාලයක්




පීලි පැනීමට ලක්ව ඇති කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවන වූ තැපැල් දුම්රිය පීලිගත කිරීම සඳහා කොළඹ කොටුවේ සිට ධාවන වූ දොඹකර සහිත දුම්රිය ද ස්ථාන දෙකක දී පීලි පැනීමට ලක්ව තිබෙනවා. ඒ, වැලිගල්ල සහ නාවලපිටිය ප‍්‍රදේශවලදීයි.

දොඹකරය සහිත එම දුම්රිය පීලිගත කර බදුල්ල දුම්රිය පීලී පැන ඇති හැටන් සහ කොටගල අතර පිහිටි අඩි හැටේ පාලම දක්වා යළි ගමන් ආරම්භ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම දුම්රිය පීලි පැනීම හේතුවෙන් අඩි හැටේ පාලමට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

අදාළ දුම්රිය පීලිගත කිරීමට සහ පාලම අලූත්වැඩියා කිරීමට සති දෙකක පමණ කාලයක් ගතවන බවයි දුම්රිය මාර්ග නඩත්තු ඉංජිනේරුවරුන් පවසන්නේ. මේ හේතුවෙන් අද රාත‍්‍රියේ බදුල්ල දක්වා ධාවනය වන රාත‍්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.